මුතු සමග 5ක් මාට්ටු

මීගමුව, පොරතොටපාර ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුතු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, ඒත්තුකාල සංචාරක පොලිස් මුරපොළට ලැබුණු තොරතුරකට අනුව සිදුකල වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී මුතු ග්‍රෑම් 37 මිලි ග්‍රෑම් 99ක් පොලිසිය බාරයට ගෙන ඇත.


සැකකරුවන් 27, 28, 32 සහ 65 වන වියේ පසුවන නිකවැරටිය, ලිහිණියාගම, අලපලාදෙණිය, මාදම්පේ සහ වලස්මුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.


ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment