නැදුන්කර්නී පුවත්පත් අලෙවි නියෝජිතට මැර ප්‍රහාරයක්

වවුනියාව පුරවැසි කමිටුව නම් සංවිධානයේ සභාපති හා නැදුන්කර්නි ප‍්‍රදේශයේ පුවත්පත් අලෙවි නියෝජිත කි‍්‍රෂ්ණපිල්ලේ දේවරාජ් මහතාට හඳුනානොගත් කිසියම් පිරිසක් පහරදී ඇති බව නැදුන්කර්නී පොලීසිය පවසයි.

ඊයේ (08) රාති‍්‍ර 7.30 ට පමණ දේවරාජ් මහතා වෙළඳසැළ වසා නිවසට පැමිණෙමින් සිටින අවස්ථාවක යතුරුපැදි දෙකකින් පැමිණි හතරදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දේවරාජ් මහතාට පහරදී ඇත.


පහරදීමෙන් තුවාල ලැබු දේවරාජ් මහතා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කොට තිබේ.


පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති අතර,අදාළ පහරදීම සිදු කළ පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායමි කිහිපයක් පරීක්ෂණ පවත්වන පොලීසිය කියයි.


ප්‍රහාරයට ලක්වූ තැනැත්තාගේ ඡායා රූපයකි.


ඡායා රූ - මාධව කුලසූරිය



Post a Comment