ශ්‍රී ලාංකික ද්‍රවිඩ වැසියන් 06 දෙනෙකු ඉන්දියාවේ රාමනාදපුරම්හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී ලෙස ඉන්දියාවට ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකික ද්‍රවිඩ වැසියන් පිරිසක් අතුරුදන්ව ඇති බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඒ අනුව කියුබ්‍රාන්ච් පොලිසිය මේ පිලිබද පරික්ෂණ ආරම්භ කළ අතර ඒ අනුව මෙම ද්‍රවිඩ වැසියන් අත්අඩංගුවට ගැනිමට හැකි වී ඇති බව සඳහන් වෙයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර එකම පවුලේ සිව් දෙනෙකු ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මොවුන් සතුව තිබී කේරළ ගංජා තොගයක් ද සොයාගෙන තිබේ.
කේරල ගංජා සඳහා ශ්‍රී ලංකාවේ වැඩි වටිනාකමක් තිබෙන බැවින් මොවුන් මේවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සුනාම්ව සිටි බවට කියුබ්‍රාන්ච් පොලිසිය සැක පළ කරයි.

Post a Comment