සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා අද දෙරණ කළ විමසීමකදී සඳහන් කළේ එම වෛරසය මෙරටට ඇතුළු වීමේ අවදානම පාලනය කර ඇති බවයි.
තාක්ෂණික පහසුකම්, සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඇතුළු සියලු අංශ ඕනෑම අවස්ථාවක සූදානමින් තබා ඇති බව ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ සාමාන්‍ය උණ රෝගයකින් පෙළෙන්නෙකු වුවද කටුනායක ගුවන් තොටුපළේ දී පරීක්ෂාවට ලක්කරන බවයි.
මේ අතර ඉබෝලා වෛරසය දරුණු ලෙස පැතිර යන රටවල් 05කින් මෙරටට පැමිණෙන පුද්ගලයින්ට වීසා ලබාදීමේ දී විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.
එහි නියෝජ්‍ය පාලක චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ නයිජීරියාව, ලයිබීරියාව, සියරාලියෝන්, ගිනියා සහ කොංගෝව යන රටවල් සඳහා එම විශේෂ ක්‍රමවේදය අනුගමනය කරන බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එම පුද්ගලයින් අදාළ රටවල ඇති ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල වෙත පිළිගත් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
තානාපති කාර්යාල මගින් ඒ පිළිබඳ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දුන් පසු ඒ පිළිබඳ සෑහීමකට පත් වන්නේ නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුවේ.
පසුව වීසා ලබාදීම පිළිබඳ තීරණය කරන බව නියෝජ්‍ය ආගමන විගමන පාලක චමින්ද පතිරාජ මහතා අද දෙරණට ප්‍රකාශ කළේය.
මේ අතර ලොව පුරා රටවල් 15ක ඉබෝලා වසංගතය පැතිරීම වැළැක්වීමට අවධානය යොමු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
දැනට දරුණු ලෙස වසංගතය පැතිරි ඇති රටවල දේශසීමා වල පිහිටා ඇති රටවල් කෙරෙහි එම අවධානය යොමු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.
මේ සතිය තුළ දි පමණක් ඉබෝලා රෝගීන් 9000ක් පමණ වාර්තා වී ඇති අතර සෑම මසකටම වරක් වසංගතයට ගොදුරු වන්නන් දෙගුණයක් වන බවට එම සංවිධානය ගණන් බලා ඇත.
මේ අතර ඉබෝලා වසංගතය පැතිරුණු රටවල් වල සිට පැමිණෙන රෝගීන් ගුවන් තොටුපළ වලදී යොමු කෙරෙන පරීක්ෂණ වල ප්‍රතිඵල කඩිනමින් ඉදිරිපත් කළ යුතු බවට යුරෝපා හවුලේ සෞඛ්‍ය අමාත්‍යවරුන් එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.
මේ අතර එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆී අනන් මහතා පවසන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිචාරය පිළිබඳ බලවත් කණගාටුවට පත්වන බවයි.
ධනවත් රටවල් මේ සඳහා වේගවත්ව යොමුවිය යුතු බව බී.බී.සී ලෝක සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු මහ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
අප්‍රිකානු රටවල් කිහිපයක පැතිර යන ඉබෝලා වසංගතය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 4500ක් පමණ මියගොස් ඇත.

Post a Comment