බන්ධනාගාර නිලධාරීන්ටත් තැපැල් ඡන්ද අයිතිය

බන්ධනාගාර සේවකයින් සඳහා තැපැල් ඡන්ද අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ බන්ධනාගාරවල සේවය කරන සේවකයින් සඳහා මෙතෙක් තැපැල් ඡන්ද අයිතිය හිමිවී නොමැති බවයි.


මේ හේතුවෙන් දුර පළාත්වල සිට පැමිණ බන්ධනාගාරවල සේවය කරන සේවකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පසුගිය කාලය තුළ අහිමි වු බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.


එම නිසා බන්ධනාගාර සේවකයින් සඳහා ද තැපැල් ඡන්ද අයිතිය ලබාදීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කර සිටියේය.


ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ද දැනුවත් කර තිබේ.


ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේය.



Post a Comment