අද දිනය තුළත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බොහෝ අවස්ථාවලදී මිලිමීටර් සියය ඉක්මවු වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 5000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටියි.
විශේෂයෙන් කළුගඟ, ගිංගඟ සහ නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් පුද්ගලයින් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

Post a Comment