තම සැමියා සමග ඇතිවූ බහින් බස් වීමකින් පසුව නිවස තුළදීම තරුණ මවක ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ දංකොටුව - තාමරකුළිය පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ දීපිකා දිල්රුක්ෂි (අවු:26) නම්වූ දෙදරු මවකි.
ඊයේ(19) සවස මිය ගොස් ඇති ඇය මුලදී තම සැමියා සමග බහින් බස්වීමක් ඇති කරගෙන ඇති බව කියැවෙයි.
පසුව සැමියා නිවසින් පිටතට ගොස් ආපසු පැමිණ බලන විට දැක ඇත්තේ තම බිරිඳ නිවස තුළ ගෙල වැලලාගෙන සිටින බවකි.
කඩිනමින් තම බිරිඳ බිමට ගෙන දංකොටුව දිසා රෝහල වෙත ඇතුළත් කිරීමට සැමියා කටයුතු කර ඇති නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් තිබී ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

Post a Comment