ගව මළකුණ උදේ අතුරුදන් - මසට වික්ක කොස්තාපල් මාට්ටු

මියගිය එළගවයෙකු හොරෙන් ගෙනගොස් මස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ 9 ප‍්‍රධාන මාර්ගයේ තිරප්පනේ පොලිස් ස්ථානය අසලදී ලොරියක හැපී මියගිය එළ ගවයෙකු මෙලෙස මස් කර විකිණු බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.


ඒ අනූව තිරප්පනේ පොලිස් ස්ථානයේම සේවය කරන ගල්කුලම වැව පාරේ පදිංචි කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


ලොරියක හැපීමෙන් මෙම ගවයා මියගොස් ඇත්තේ ඉකුත් 5 වනදා රාති‍්‍රයේදීය.


රාත්‍රී මාර්ගය අයිනේ තිබූ ගව මළකුණ පසුදා උදෑසන වෙද්දී අතුරුදන්වීම ගැන ප‍්‍රදේශවාසියෙකු සොයා බැලීමේදී මෙම සිද්ධිය ගැන තොරතුරු හෙළි වී ඇත.


ඒ අනූව එම පුද්ගලයා කළ පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.



Post a Comment