සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ට එල්ලවු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රී උපවාසයක නිරතව සිටි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රැඳී සිටි අට්ටාලයට ප්‍රහාරයක් එල්ලවුණි.
මෙම ප්‍රහාරයෙන් විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකු සහ ප්‍රදේශවාසීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවෙයි.
කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ අදාළ ප්‍රහාරයෙන් සිසුන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මේ වනවිට සිසුන් 06 දෙනෙකු නේවාසිකව බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

Post a Comment