මාතර පරෙවි දූපත ආසන්න මුහුදේ දියේ ගිළීමෙන් සිටි කාන්තාවක මාතර පොලිසිය විසින් බේරාගෙන තිබේ.
අදාළ කාන්තාව අද උදෑසන මුහුදට පැන සියදිවි හානි කරගැනීමට උත්සහ දරා ඇති බව වාර්තා වෙයි.
ඇය මුහුදේ දියේ ගිළීමෙන් සිටිය දී මාතර පොලිසිය සහ ප්‍ර දේශවාසින් එක්ව බේරාගෙන මාතර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පවුල් ආරවුලක් මත ඇති වු සිත් තැවුලක් හේතුවෙන් ඇය සියදිවි හානි කරගැනීමට උත්සහ දරා ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදි අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් ඇය මේ වන විට මාතර මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවේය.

Post a Comment