කොස්තාපල්ට බාධා කළ දෙන්නා රිමාන්ඩ්

පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් දෙදෙනා ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කර ඇත.


අනුරාධපුර සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


ඉන් එක් සැකකරුවෙකු පොලිස් නිලධාරියෙකුට පහරදීම, මහ නගර සභා නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ පුරාවිද්‍යා භූමියකට හානී සිදුකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩු කිහිපයක විත්තිකරුවෙකු බව ද සඳහන්ය.



Post a Comment