තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කළ පෙත්සම ලබන සිකුරාදා විභාගයට ගැනීමට නියමිතව තිබේ.
බන්ධනාගාර ගතව සිටින තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍යවරිය නිදහස් කර දෙන ලෙස ඉල්ලා පසුගිය දා කර්ණාටක මහාධිකරණයට ඉදිරිපත් කර තිබු ඇපෑල ප්‍රතික්ෂේප වීමත් සමඟ ඇයගේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව ඉන්දීය අගවිනිසුරු එච්.එල්. දත්තු මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම ලබන 17 වන සිකුරාදා විභාග කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් නිදහස් කර දෙන ලෙස ඉල්ලා ඊයේ දිනයේ 8000 කට අධික ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පාක්ෂිකයින් පිරිසක් ආගමික වතාවත්වල නිරත වී ඇත.
ඉන්දියාවේ වෛයිගයි ගං ඉවුර ආසන්නයේ විශේෂ යාග හෝම පවත්වමින් ඔවුන් ආගමික වතාවත්වල නිරත වු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Post a Comment