නීති විරෝධී අයුරින් රු. කොටි දෙකකට අධික විදෙස් මුදල් තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් තිදෙනෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම සිංගප්පුරුව බලා යාමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු පරීක්ෂා කිරීමේ දී මෙම විදෙස් මුදල් තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.
ඒ අතර රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමින් යුත් යුරෝ සහ ස්විස් ෆ්‍රෑන්ක් සොයාගෙන ඇත.
එම මුදල් සැකකරුවන් විසින් ගුද මාර්ගයේ සඟවාගෙන රැගෙන යාමට උත්සාහ කර ඇති බව රේගුව සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, මීගමුව සහ මාතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ගුවන්තොටුපළ රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment