කොටුව, මරදාන, ගාල්ල දුම්රිය ස්ථානවල තත්ත්වය මෙහෙමයි

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව ඊයේ මැදියම් රැයේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ සියලු ප්‍රධාන දුම්රිය ස්ථාන මේවන විට පාළු ස්වභාවයක් ගෙන තිබේ.

කොළඹ කොටුව, මරදාන, ගාල්ල, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන දුම්රිය ස්ථානවල ඇත්තේ මේ වන විට දැඩි පාළු ස්වභාවයකි.


දුම්රිය පාලක මැදිරියට අනූව දුම්රිය කිහිපයක් ධාවනය වේ.


එසේ වුවද එය මගී අවශ්‍යතා සපුරාලීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බැව් අද උදෑසන කාර්යාල දුම්රිය සේවා භාවිතයට ගන්නා මගීන්ගේ මැසිවිලි වලින් පෙනෙන්නට තිබිණ.


ප්‍රධාන දුම්රිය ස්ථානවල සිට දුම්රිය කිහිපයක් කොළඹට ධාවනය කරවීමට සැලසුම් කර තිබුණද එය මගී අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවූයෙන් මගීන් බොහෝ දෙනෙකුට සිදුවූයේ පොදු ප්‍රවාහන සේවා මගින් සිය අවශ්‍යතා සපුරා ගැනීමටය.


මේ නිසා කොළඹට පැමිණෙන ප්‍රධාන මාර්ග කිහිපයකම අද උදෑසන සිට දැඩි රථවාහන තදබදයක්ද දක්නට ලැබිණ.


වෙනදා කඩි ගුලක් මෙන් දක්නට ඇති බොහෝ දුම්රිය ස්ථාන මේවන විට දක්නට ලැබෙන්නේ මේ පරිද්දෙනි.


ඡායා රූ - සංජීව ලසන්ත හා අමිල මධුසංක



Post a Comment