මහනුවර, විලියම් ගොපල්ලව මාවත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද අළුයම මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.
වත්තේගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක පිටුපසින් පැමිණි මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ තවත් පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.
අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයින් ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් දෙදෙනෙකු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.
මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment