නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාධක්‍රිෂ්ණන් මහතා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
හෙතෙම කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අයෙකි.
එම අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජයරත්න හේරත් මහතාය.
පසුගියදා නුවරඑළිය දිස්ත්‍රීක් පා. මන්ත්‍රී පී.දිගම්බරන් මහතා ද ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති තනතුරේ දිවුරුම් දෙන ලදී.

Post a Comment