පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ සිසුන් පිරිසක් අද (09) පෙරවරුවේ මහනුවර ජෝර්ජ් ඊ.ද සිල්වා උද්‍යානය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
විශ්ව විද්‍යාලය තුළ කළමනාකරණ පීඨයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා ගලහ මංසන්ධියේ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කර දින 50ක් ගතවුව ද මේ වන තෙක් ඊට බලධාරින්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් ඔවුන් මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වන බව සඳහන්ය.
අදාළ ඉල්ලීම වසර 07ක් තිස්සේ සිදුකළ ද ඊට බලධාරින්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබි නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සභාපති දුමිදු නුකුලසූරිය පවසන්නේය.
සත්‍යග්‍රහයේ නිරත ශිෂ්‍යයින් විසින් කළමනාකරණ පීඨයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා මහජන අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇත.

Post a Comment