වව්නියාවේ නිධන් සොයා ගොඩයන්න හැදූ 3ක් පොලිස් දැලේ

වවුනියාව, මාමඩුව වැව් ඉස්මත්තේ ගල් තලාවක නිධන් හාරමින් සිටි පුද්ගලයින් තුන් දෙනෙකු අද(03) අළුයම අත්අඩංගුවට ගත් බැව් මාමඩුව පොලිසිය පවසයි.

වවුනියාව, බෝගස්වැව මාර්ගය ප‍්‍රතිසංස්කරණය කරන කොන්ත‍්‍රාත් සමාගමක සේවය කළ පුද්ගලයින් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුරය, ගල්කිරියාගම, කැකිරාව ප‍්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 30 ත් 35 ත් අතර පුද්ගලයන් පිරිසකි.


පොලිසිය වෙත ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී කු`ථ ගෙඩි දෙකක්, අලවංගුවක්, පොරොවක්, වතුර බාල්දි දෙකක් හා පුජා වටිටියක්ද තිබී සොයාගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද මාමඩුව පොලිසිය පැවසීය.



Post a Comment