ලෝක ප්‍රමිති දිනය අදයි - ජාතික තත්ත්ව සතියක් ප්‍රකාශයට පත්කෙරේ

ලෝක ප්‍රමිති දිනය අදට යෙදී තිබේ.

මෙවර ප්‍රමිති දිනයේ තේමාව වන්නේ “ප්‍රමිති මගින් ක්‍රියා කරන ක්ෂේත්‍රයන්හි සම මට්ටමක් ඇති කරයි” යන්නයි.


නිවැරදි ප්‍රමිතිකරණ භාවිතයෙන් රජය ව්‍යාපාරික ප්‍රජාව සහ සමාජයට අත් කර ගත හැකි වාසී පිළිබඳව අවධානය යොමුකිරීම ලෝක ප්‍රමිති දිනයේ මූලික අරමුණය.


ලෝක ප්‍රමිති දිනයට සමගාමීව ජාතික තත්ත්ව සතියක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගෙන තිබේ.


ප්‍රමිතිකරණය හා බැඳි සියලු ආයතන මෙන්ම ඉදිරියේ දී ප්‍රමිතිකරණය ලබාගැනීමට අපේක්ෂිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමිතිකරණය සහ තත්ත්ව පරීක්ෂාවක වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම මෙම සතිය තුළ දී සිදුකරනු ඇත.



Post a Comment