කොළඹ සුපිරි හෝටලයක සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමෙරිකානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ අමෙරිකානු ජාතිකයා විසින් ඊයේ දිනයේ මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ.
පහරකෑමට ලක්වු හෝටල් සේවකයා විසින් කොල්ලුපිටිය පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment