හොර රන් භාණ්ඩ විකුණූ 4ක් දැලේ

ව්‍යාජ රන් භාණ්ඩ විකිණීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් සිව් දෙනෙකු යාපනය, නාවක්කුලි ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


සැකකරුවන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කළ රත්තරන් බොත්තම් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 800ක්, පිත්තල සෙම්බුවක්, ඊයම් බෝල කිලෝග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සහ කැබ් රථයක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.


සැකකරුවන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment