දකුණු අධිවේගයේ කොටසක් පැය 2ට වැසෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට දොඩන්ගොඩ දක්වා වු ප්‍රදේශය අද රාත්‍රීයේ තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ අනූව අද රාත්‍රී 11 සිට අළුයම 01 දක්වා පැය 02 ක කාලයක් එම මාර්ගය වසා දැමීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේය.


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට දොඩන්ගොඩ දක්වා වු ප්‍රදේශයේ සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් අදාළ කාලය තුළ මාර්ගය තාවකාලිකව වසා තැබීමට තීරණය කළ බව එම අධිකාරිය සඳහන් කළේය.



Post a Comment