හත් අවුරුද්දකින් ලොකු තාත්තා 7වසරකට හිරේ යවයි

තලාතුඔය, මාරස්සන ප‍්‍රදේශයේ දී 2007-10-25 දින එවකට වයස අවු 9 ක්වු දැරියක අපයෝජනය කළ ඇයගේම නිවස ආසන්නයේ ජීවත් වු සිය පියාගේ වැඩිමහල් සහෝදරයකු වු 47 හැවිරිදි එක්දරු පියෙකු වන පී.ජී ජිනදාස නැමති අයට අද (02) මහනුවර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 7 ක සිරදඬුවමක් නියම කර තිබේ.

එසේම රු. 1500 ක දඩ මුදලක් ද නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 3කින් සිරඳඩුවම දීර්ඝ කිරීමට ද නියම කර ඇත.


නඩු විභාගයේ දී හෙළි වු කරුණු වුයේ 2007 10- 25 දින මෙම පුද්ගලයා විසින් සිය මල්ලිගේ දියණිය ඇයගේ මවගේ උපදෙස් මත පන්සලට දානය ගෙනයාම සඳහා පාත‍්‍රයක් ඉල්ලාගෙන යාමට සිය නිවසට පැමිණි අවස්ථාවේදී කාමරයකට ගෙන ගෙන ගොස් ඇයට අපරාධයක් කිරීමයි.


එම අවස්ථාවේ දැරියගේ ප‍්‍රමාදය ගැන සොයා බැලීමට මව පැමිණි විට ඇය මෙම අපරාධය දැක තලාතුඔය පොලිසියට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මහනුවර මහාධිකරණයේ අංක එච්.සි -62 -2013 යටතේ විභාග වු නඩුවේදී සැකකරු විසින් වරද පිළිගැනීම මත විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ප‍්‍රකාශ කර තිබේ.



Post a Comment