රත්නපුරේ බට්ටි උසාවි යයි - කෝටි 5ක වන්දියක් ඉල්ලයි

රත්නපුර පොලිසියේ නිලධාරියෙකුගේ පහර කෑමට ලක් වු කාන්තිලතා නොහොත් “බට්ටි” යන නමින් හඳුන්වන කාන්තාව අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර තිබේ.

තමන්ට අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් සිදුවු මුලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් රුපියල් කෝටි 05 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ඇය මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.


අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රත්නපුර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක, රත්නපුර පොලිස් අධිකාරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ නීතිපතිවරයා නම් කර තිබේ.


එහිදී පෙත්සම්කාරිය සඳහන් කර ඇත්තේ රත්නපුර නගරයේ දී තමන්ට අමානුෂික අයුරින් පහරදීම හේතුවෙන් තමා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.


මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ දී අදාළ පැමිණිල්ල සමතයකට පත්කර ගන්නා ලෙස පොලිසියෙන් ද බලපෑම් එල්ල වූ බව ඇය ප්‍රකාශ කර තිබේ.


ඒ හේතුවෙන් වන්දි මුදලක් ඉල්ලා තමා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කරන අතර පෙත්සම පිළිබඳව පුර්ණ විභාගයක් පවත්වන ලෙස ද ඇය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය.



Post a Comment