පොලිසියට අත තැබූ 6ක් අත්අඩංගුවේ

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව මත පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කෑගල්ල ප්‍රදේශයේ ආපන ශාලාවකදී මොවුන් පිරිස ඊයේ රාත්‍රීයේ කලහකාරී අයුරින් හැසිරී ඇති බව සඳහන්ය.


එම අවස්ථාවේ එහි පැමිණි පොලිස් නිලධාරියෙකුට අදාළ පිරිස අතර සිටි එක් පුද්ගලයෙකු පහරදී ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් පුද්ගලයා නිදහස් කරන ලෙස කෑගල්ල පොලිස් ස්ථානයට බීමතින් පැමිණි ආපන ශාලාවේ සිටි පිරිස එහිදී කළහකාරීව හැසිරි ඇති බව සඳහන්ය.


පසුව ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.


පිරිස අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment