හාළිඇළ මනූෂ්‍ය ඝාතනයක් - දෙන්නෙක් අත්අඩංගුවේ

බදුල්ල, හාළිඇළ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

49 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව සඳහන්ය.


ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධයද පොලිසිය විසින් සොයාගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකාරිය 27 හැවිරිදි තරුණියක් වන අතර සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.


ඔවුන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment