මීගමුව කළපු‍වේ මළ සිරුරු 2ක්

පමුණුගම, සේදවත්ත පල්ලිය ඉදිරිපිට මීගමුව කළපු තීරයේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

ඊයේ පස්වරු 06ට පමණ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එක් මළ සිරුරක් සොයාගැණුනු අතර මියගොස් ඇති පුද්ගලයා ඇලකන්ද ප්‍රිතිපුර පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන ඇත.


මේ අතර අද අළුයම 02ට පමණ එම කළපූ තීරයේම තිබී තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.


මියගිය පුද්ගලයා දෙහිවල මල්වත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අයෙකු බව පමුණූගම පොලිසිය සඳහන් කළේය.


පාම්වත්ත ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ආයතනයේ සිට අදාළ පුද්ගලයින් දෙදෙනා පැන යන අවස්ථාවේ සිදුවූ අනතුරු නිසා මියගොස් ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.


මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වන තෙක් පොලිස් ආරක්ෂාව යටතේ මළ සිරුරු එම ස්ථානයේ තබා ඇති බව පොලිසිය සඳහන් කළේය.



Post a Comment