කහඳගමට එරෙහි වාරණය ගැන තීන්දුව 20දා

සමස්ත ලංකා ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමයේ, සභාපතිවරයාට සහ විධායක කමිටුවට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය ඉවත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ ලබන 20 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා අධිකරණය අද (14) දැනුම් දී තිබේ.

සමස්ත ලංකා ස්වයංරැකියා නියුක්තිකයින්ගේ සංගමයේ සාමාජිකයන්ගෙන් මුදල් එක්රැස් කිරීම වළක්වාලමින් අදාළ වාරණ නියෝගය පනවා තිබුණි.


මීට එරෙහිව සංගමයේ, සභාපතිවරයා සහ විධායක කමිටුව විසින් ගොණු කළ පෙත්සමක් සළකා බැලු කොළඹ දිසා අධිකරණය මෙම දැනුම් දීම සිදුකළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



Post a Comment