ශ්‍රී ලංකන් යානයේ දෝෂයක් - ඉන්දියාවට ගොඩබස්වයි

ඉන්දියාවේ, ටිරුචි ගුවන්තොටුපළෙන් ගුවන්ගත වු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නැවත එම ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ.

ගුවන් යානයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් යානය ගොඩ බැස්වීමට සිදුව ඇති බව වාර්තා වේ.


එයාර්බස් ඒ 320 වර්ගයේ ගුවන් යානය ඊයේ පස්වරු 04.15ට පමණ ගුවන් ගත වී ඇති බව සඳහන්ය.


කාර්මික දෝෂය හටගන්නා අවස්ථාවේ එහි මගීන් 142දෙදෙනෙකු සිට ඇති බව වාර්තා වේ.


ටිරුචි ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී හැතැප්ම 70ක පමණ දුරක් ගතවීමෙන් පසු ගුවන් නියමුවාට යානයේ යම්කිසි දෝෂයක් හටගෙන ඇති බවට වාර්තා වී තිබේ.


ඒ අනුව ඔහු ගුවන් පාලක මධ්‍යස්ථානය දැනුවත් කිරිමෙන් අනතුරුව යානය නැවත ගොඩ බැස්වීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේය.



Post a Comment