කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය හෙට ආරම්භ වෙයි.
හෙට සහ අනිද්දා යන දෙදින තුළ කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 04ක දී විභාගය පැවැත්වීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලය, අශෝක විද්‍යාලය, ගෝතමී බාලිකා විද්‍යාලය හා ඩී.එස්. සේනානායක යන විද්‍යාලවල එම මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබේ.
12 වන වරට පැවැත්වෙන මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අපේක්ෂකයින් 13,998 දෙනෙකු පෙනී සීටිමට නියමිතය.
හෙට සහ අනිද්දා දින 02 ක තුළ අදියර 04 ක් යටතේ පැවැත්වෙන විභාගයේ පළමු අදියර පෙරවරු 10.30 ටත්, දෙවන අදියර පස්වරු 02.30 ටත් ආරම්භ වේ.
විභාගය ආරම්භ වීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස ද අයදුම්කරුවන්ගෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

Post a Comment