පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 114 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.
ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 124 දෙනෙකු පසුගිය මාර්තු මස 31 වන දින සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කර ඇති අතර ඔවුන්ගේ 02 වන කණ්ඩායම පසුගිය සැප්තැම්බර් 29 වන දින පුහුණුව අවසන් කර තිබේ.
ඊට සමගාමීව පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 114 දෙනෙකුට මෙලෙස හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට නීතිය හා සාමය පිළිබඳ ලේකම්වරයා අනුමැතිය ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Post a Comment