හාලිඇළ ප්‍රහාරයට ගාල්ලෙන් විරෝධය

හාළිඇළදී ඉකුත් (22) වැනිදා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ කාර්යාලයකට පහරදෙන බවට ලැබූණු තොරතුරක් මත එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පළ කර අද (25) ගාල්ල ප්‍ර දේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් විරෝධතාවයක නිරත වී තිබේ.

මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ රාජකාරීය නිදහසේ කරගෙනයාමට ඉඩප්‍රස්ථාව ලබාදෙන්නැයිද, මාධ්‍යවේදීන් ඉලක්ක කර ප්‍රහාර නතර කරන්නැයි ද සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතා දක්වා ඇත.



Post a Comment