අතුරුදහන් වූ අට හැවිරිදි දැරිය සොයාගනියි

අතුරුදහන් වී සිටි හැටන්, නොර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ අට හැවිරිදි ගැහැණු දරුවා සොයාගෙන තිබේ.

නො‍ර්ටන්බ්‍රීජ්, විදුලිපුර මහා විද්‍යාලයේ සැඟවී සිටියදී පොලීසිය සහ ගම්වාසීන් එක්ක හමුදාවේ සහයෝගයද ඇතිව අදාළ දැරිය සොයාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


මව්පියන් හැරගොස් ඇති එම දැරිය හදාවඩා ගෙන ඇත්තේ ඇයගේ නැන්දා කෙනෙකු විසින් බවත්, දැඩි දඩබ්බර ගතියකින් යුත් එම දැරිය යහ මගට යැවීම සඳහා තරවටු කිරීම හේතුවෙන් මෙම දැරිය නිවසින් පළාගොස් පාසලේ සැඟවී සිට ඇති බවත් නෝටන්බි‍්‍රජ් පොලීසිය සැක පළ කරයි.


ළමයා සොයාගන්නා අවස්ථාවේ ඇය කුසගින්නේ සිටි බවත්, ඇයව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඉදිරි නීතිමය පියවර ගන්නා බවත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන නෝටන්බ්ජ්‍ර පොලීසිය පැවසුවේය.



Post a Comment