වෙන්නප්පුවේ පුද්ගල ඝාතනයක්

වෙන්නප්පුව, සිරිගම්පල පැලවත්ත හංදිය අසළ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.


පහරකෑමෙන් මියගොස් ඇත්තේ 25 හැවිරිදි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


පහරදීමෙන් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment