තවත් ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවේ

නීති විරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වු ශ්‍රී ලාංකික ධීවරයින් දස දෙනෙකු චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

චෙන්නායිහි ඊසාන දිග වෙරළට මුහුදු සැතපුම් 70ක් දුරින් ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


ධීවරයින් පැමිණ සිටි යාත්‍රා දෙක සහ මාළු කිලෝග්‍රෑම් 4200ක් ද ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය භාරයට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර පරීක්ෂණ සඳහා චෙන්නායි සිටි පොලීසිය වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.


මේ වසරේ ගත වු කාලය තුළ පමණක් ඉන්දීය මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වු ශ්‍රී ලාංකික ධීවරයින් 159 දෙනෙකු සහ යාත්‍රා 31ක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



Post a Comment