විමර්ශනය පසෙක තබා වෙන වැඩකට මුලපිරූ කොස්තාපල් රිමාන්ඩ්

රඹුක්කන, නුගවල ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරු ලබන 02 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.


අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා සම්බන්ධයෙන් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළ විමර්ශන කටයුතු සඳහා පසුගිය 23 වනදා සැකකාර කොස්තාපල්වරයා ඇයගේ නිවසට ගොස් ඇති බව සඳහන්ය.


එහිදී සැකකරු අදාළ කාන්තාවට ලිංගික අතවර සිදුකර ඇති බව වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව රඹුක්කන පොලිසියට අනුයුක්තව සේවය කරන අදාළ පොලිස් කොස්තාපල්වරයා ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණි.



Post a Comment