මීගමුවේ තැබෑරූමකට මූද්‍රා!

මීගමුව -තලාහේන ප්‍රදේශයේ පවත්වා ගෙන යන බියර් අලෙවි සැලක් මුද්‍රා තබා අලෙවි කටයුතු තහනම් කළ බව ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්.රත්නායක මහතා පැවසීය.

25 වැනිදා දහවල් මෙම මුද්‍රා තැබීම සිදු කර තිබේ.


මීගමුව -තලාහේන පිහිටි බියර් අලෙවි සැලෙන් පාසල් සිසුන්ට බියර් අලෙවි කරන බවත්, බාල වයස්කාර පාසල් සිසුන් සඳහා බියර් අලෙවි කරණුයේ වැඩි මිලට බවත් ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස්වරයා වෙත පැමිණිලි ලැබී තිබී ඇත.


මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස්වරයා විසින් මීගමුව සුරාබදු ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී ඇතත් අදාළ වැටලීම් සිදු කර නැත.


(25)දහවල් වයස අවුරුදු 17 ක පාසල් සිසුවෙකු ව්‍යාජ ගැණුම්කරුවෙකු ලෙස යොදවා අදාළ වැටලීම සිදු කිරීමට ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස්වරයාවරයා කටයුතු කර ඇත.


ව්‍යාජ ගැණුම්කරුවා විසින් මිලදී ගත් බියර් බෝතල් 03 ක් මුද්‍රා තබා තිබේ.


තමන් විසින් වැටලීම සිදු කළ බියර් අලෙවි සැල මුද්‍රා තබා අලෙවි කටයුතු තහනම් කළ බවත්,මෙම බියර් අලෙවිසැලට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවත් ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්.රත්නායක මහතා පැවසීය.



Post a Comment