පුත්තලම ජනතා හඬට සවන්දීමට දින තීන්දුයි

පුත්තලම කලපුව හරහා අධි බලැති විදුලි රැහැන් ඇදීමේ ව්‍යපෘතිය අත්හිටුවන මෙන් ඉල්ලා ගොණු කර ඇති පෙත්සම ලබන මස 24 වන දා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

පුත්තලම ජනතා හඬ නමැති සංවිධානයක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.


පුත්තලම කළපුව හරහා අධි බලැති විදුලි රැහැන් ඇදීමේ ව්‍යපෘතිය තුළින් දැඩි පරිසර හානියක් සිදුවන බව පෙත්සමෙන් පෙන්වා දී ඇත.


එම ව්‍යපෘතිය හේතුවෙන් ධීවර පවුල් රැසකට සිය රැකියා කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව ද පෙත්සමෙන් සඳහන් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ලංකා විදුලිබල මණ්ඩලයෙන් ද මේ පිළිබඳ අදහස් ලබා ගත යුතු බවයි.


ඒ අනුව පෙත්සම ලබන මස 24 වන දින යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදිනට මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නොතීසි නිතුක් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



Post a Comment