සම්බන්ධන් යයි? - මාවෙයි එයි?

ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂයේ වාර්ෂික සම්මේලනය අද(05) වවුනියාව සංස්කෘතික රංග ශාලාවේදී ආරම්භ කිරීමට නියමිත බැව් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා පවසයි.

සත්‍යලිංගම් මහතා පැවසුවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ වාර්ෂික සම්මේලනය අද(05) හෙට(06) හා අනිද්දා(07) දිනයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බවයි.


පක්ෂ සම්මේලනයේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වයෙන් ආර්.සම්බන්ධන් මහතා ඉවත්වීමේ සුදානමක් ඇති බවත්,යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා මහතා නව නායකයා ලෙස පත් කිරීමට නියමිත බවත්, පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.


පක්ෂ නායකත්වයේ වෙනස සම්බන්ධයෙන් එලැඹෙන 07 වැනිදා නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමට නියමිත බැව්ද ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේය.



Post a Comment