ගිනි අවියක් සමඟ අයෙක් දැලේ

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පයාගල දුම්රිය මාර්ගය අසල දී අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


එහිදි සැකකරු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ දෙකක් පොලීසිය බාරයට ගෙන තිබේ.


සැකකරු 32 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment