වෑන් රථවත් ත්‍රීරෝද රථයේ ගැටී 2ක් මරු‍ට

ඇල්ල, වැල්ලවාය “ඒ“ 23 මාර්ගයේ රන්දෙණිය උප තැපැල් කාර්යාලය ඉදිරිපිට දී සිදුවු රිය අනතුරකින් මවක සහ පුතෙකු මියගොස් තිබේ.

වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ(13) පස්වරුවේ අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.


අනතුරෙන් ත්‍රි රෝද රථයේ ගමන් කළ දින දෙකක් පමණ වයසැති බිළිඳෙකු ද තවත් කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලබා සිරිගල රෝහලට ඇතුළත් කර තිබේ.


තුවාල ලබා ඇත්තේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවා බව පොලීසිය පැවසුවේය.


මියගොස් ඇත්තේ හාලිඇල උඩදොම්පේ දෙළුම්ගස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකු සහ එම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවකි.


සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.



Post a Comment