මේ අපරාධයට වගකිව යුත්තේ කවුද?

රුපියල් 800ක් ඉල්ලා නුදුන්නැයි ඇති වූ කේන්තියෙන් වයස අවුරුදු 13ක ළමයෙකු විසින් කළ පහරදීමකින් බලංගොඩ, එගොඩ වලේබඩ, තැන්පංගුව ප්‍රදේශයේ අවුරුදු 103ක් වයසැති කාන්තාවක් මියගොස් තිබේ.

ඊයේ පස්වරු 5.30ට පමණ මෙය සිදුව ඇත.


එම ළමයාගේ පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.


ළමයා අදාළ කාන්තාවට ඥාතී සම්බන්ධ‍යක් ඇති බවද, ඔහු විසින් තෙවරක්ම කාන්තාවගේ ඔළුවට පොල්ලකින් පහරදී ඇතැයිද, පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.


ළමයා ප්‍රදේශයේ පාසලක 8 වසරේ ඉගෙනුම ලැබූවෙකු බවද අප වාර්තාකරු කියයි.



Post a Comment