හාළිඇළ ප්‍රහාරයට තවත් 8ක් අත්අඩංගුවේ

හාළිඇළ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට පහරදෙන බවට ලැබුණු ‍තොරතුරක් අනූව එම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදින්ට පහරදීම ඇතුළුව කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එදින ගැටුමේදී මාධ්‍යවේදියෙකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අද උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.


පසුගිය 22 වන දා පස්වරුවේ හාළිඇල ප්‍රදේශයේ දී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් රැගත් රථ පෙළකට ද ප්‍රහාරයක් එල්ල විය.


එම සිද්ධිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් මෙන්ම සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කෙරිණ.



Post a Comment