අපරාධකරුවන් පිටුවහල් කරන්න රුසියාවත් - ශ්‍රී ලංකාවත් ගිවිසුම් ගසයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන පුද්ගලයින් ශ්‍රී ලංකාවටත් රුසියාවට අවශ්‍ය කරන පුද්ගලයින් රුසියාවටත් පිටුවහල් කිරීම සඳහා වන ගිවිසුමකට එළඹෙන ලෙස රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් එරට අධිකරණ අමාත්‍යංශයට නියෝග කර තිබේ.

රුසියානු රජයේ නිල වෙබ් අඩවියක සඳහන් පරිදි එම ගිවිසුම ශ්‍රී ලංකාවට අමතරව ලාඕසයට ද බලපාන පරිදි ක්‍රියාත්මක කරන ලෙසට රුසියානු ජනපති උපදෙස් දී ඇත.


අපරාධවලට සම්බන්ධව විදේශ රටවලට පලාගොස් සැඟව සිටින පුද්ගලයින් මේ යටතේ හුවමාරු කර ගැනීමට නියමිතය.


ඒ අනූව ශ්‍රී ලංකාවේ සිට රුසියාවට පලාවිත් සිටින අය මෙන්ම එරට සිට මෙරටට පලාවිත් සිටින අය නව ගිවිසුම යටතේ පිටුවහල් කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමිවේ.


රුසියානු රජයේ යෝජිත ගිවිසුම දැනටමත් එම රට විසින් ලොව පුරා රටවල් 30ට ආසන්න සංඛ්‍යාවක් සමග එළඹ ඇති එකකි.


චීනය, ඉන්දියාව, මොංගෝලියාව, උතුරු කොරියාව, ඉරානය, ඉරාකය, යේමනය හා වියට්නාමය එම රටවල් අතර ප්‍රධාන වේ.



Post a Comment