දණහිස් වලින් කෝටියක රන් එළියට!

ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් රැගෙන ආ රුපියල් කෝටියක් වටිනා රන් කැබලි කි‍ලෝ දෙකක් දණහිස් ආවරණවල බැඳගෙන ගුවන් තොටුපොළෙන් එළියට රැගෙන යමින් සිටි ඩියුටි ෆ්‍රී සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ රන් කැබලි 20ක් මෙලෙස දණහිස් ආවරණවලින් සොයාගත් බවයි.


අද අළුයම 1.45ට පමණ කටුනායකට පැමිණි ලාංකිකයින් දෙදෙනා එම රන් තොගය ඩියුටි ෆ්‍රී සේවකයාට ලබාදී ඇත.


සේවකයා එම රන් දණහිස් ආවරණවල සඟවාගෙන ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.



Post a Comment