කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ආරක්ෂාව බන්ධනාගාර පොලීසියට බාරයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සියලු ආරක්ෂක කටයුතු බන්ධනාගර පොලිසිය වෙත පවරා තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ මෙතෙක් කලක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු මෙහයවනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන් බවයි.


රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සිදුවන විවිධ අක්‍රමිකතා මැඩලීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.


මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා නව යතුරුපැදි 50ක් පිරිනමා තිබේ.


ඊයේ දිනයේ අදාළ යතුරුපැදි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.


එම යතුරුපැදි බන්ධනාගාර නිලධාරීන්ට සහ බන්ධනාගාර පොලිසිය වෙත ලබාදීමට නියමිතය.



Post a Comment