මැ.කො මානව හිමිකමට කැඳවයි

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මානව හිමිකම් කොමිසම් සභාව වෙත කැඳවා තිබේ.

මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේ ඌව පලාත් සභා ජන්ද විමසීමට අදාළව කරුණු විමසීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා කැඳවා ඇති බවයි.


ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.


අදාළ පැමිණිලි සම්බන්ධයෙන් කරුණු විමසීමට අද පෙරවරුවේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇති බව ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේය.



Post a Comment