තැපෑල යළිත් වැඩ අරඹයි

වර්ජනය හේතුවෙන් නතරවී තිබු තැපැල් මළු ප්‍රවාහනය කිරීමේ කටයුතු අද (04) අළුයම සිට ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වුණි.


මේ හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට සිදුවන සියලු කටයුතු ඇණහිට තිබු බව වාර්තා වෙයි.


දුම්රියෙන් සිදුවන තැපැල් මළු ප්‍රවාහනය කිරීම ද දින 02 ක කාලයක් නතර වී තිබුණි.


අදාළ තැපැල් මළු අද අළුයම විශේෂ බස් රථ මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට පියවර ගත් බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


මඩකළපුව, බදුල්ල අනුරාධපුර සහ ගාල්ල යන ප්‍රදේශ සදහා එම බස් රථ පිටත්කර හැර ඇත.



Post a Comment