නිරීක්ෂකයෙක් නැතිව මෙදාපාර බෑ

ශ්‍රී ලංකා රජය සමග සිදුකරන සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර නිරික්ෂකයෙකු මැදිහත් විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කියයි.

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සමග විවෘත සාකච්ඡාවකට සූදානම් බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‘‘ ද හින්දු ‘‘ පුවත්පත සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණි.


අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘‘ ද හින්දු ‘‘ පුවත්පත සිදුකළ විමසීමකදී ඊට ප්‍රතිචාර දක්වමින් ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තම පක්ෂය ඕනෑම අවස්ථාවක සූදානම් බවයි.


එසේ වුවත් මීට පෙර ද කාල සීමාවකින් තොරව දීර්ඝ වශයෙන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පැවැත්වූ බව ඔහු පවසා ඇත.


ශ්‍රී ලංකා රජය සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ජාත්‍යන්තර නිරික්ෂකයෙකු මැදිහත්වීම තුළින් එය වඩා සාර්ථකව පැවැත්වීමට හැකිවනු ඇති බව ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කර තිබේ.



Post a Comment