දරුවන් මව්පියන්ගේත් රටේත් බලාපොරොත්තු ඉටුකළ යුතුයි

දරුවන්ට උපරිම අධ්‍යාපනයක් ලබාදීමට මව්පියන් උනන්දු විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ලබා දී ඇති වරප්‍රසාද ප්‍රයෝජනයට ගනිමින් මව්පියන්ගේ මෙන්ම රටේ බලාපොරොත්තු ඉටු කිරීමට දරුවන් ද කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.


ඌව පළාතේ පාසල් කිහිපයක ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පැවරිමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.


බදුල්ල අධ්‍යාපන කලාපයේ උඩවෙළ මධ්‍ය මහා විද්‍යාලය, කැන්දගොල්ල නවෝද්‍යා මහා විද්‍යාලය, බදුල්ල මහා විද්‍යාලය සහ බදුල්ල සරස්වතී දෙමළ විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර මෙලෙස ජනාධිපතිවරයා විසින් සිසු අයිතියට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



Post a Comment